ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 30ක් නිසැකයෙන්ම පාර්ලිමේන්තු යනවා-මුතුහෙට්ටිගම

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 30ක් නිසැකයෙන්ම පාර්ලිමේන්තු යනවා-මුතුහෙට්ටිගම

December 31, 2019   05:22 pm

ඉදිරි මහා මැතිවරණයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් තිස්දෙනෙකු නියතවම පාර්ලිමේන්තුවට තේරී පත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ඉදිරි මැතිවරණය බොහෝම සුහදව කටයුතු කරන මැතිවරණයක් බවයි.

මෙම මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බවත් පැවසු ඒ මහතා, රට හදන තීන්දුව ගනු ලබන බවත් ඒ තුළින් ජන බලය තවත් ශක්තිමත් කරනු ලබන බවත් කියා සිටියේය.

මෙම මැතිවරණයෙන් වෙනත් පාර්ශවයක් ජයග්‍රහණය කිරීමට බලා සිටි නම් ඔවුන්ට මැතිවරණය දිනන බවට පිළිතුරක් ලබා දෙන බවත් පැවසීය.

පොදු ජන පෙරමුණ දිනවු පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බවත් එය එසේ නොවෙනු ඇතැයි කිසිවෙකුට පැවසිය නොහැකි බවත් කියා සිටි ඒ මහතා, කුමන ලකුණින් තරග කරලත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු 30 ක් නිසැකයෙන්ම පාර්ලිමේන්තු යන බවත් කියා සිටියේය.