සයුරෙන් එතෙර
නත්තල් සැරසිලි සඳහා ප්රකට කලාපයක්
December 19, 2019 11:11 am
එළඹෙන නත්තල වෙනුවෙන් මේ වනවිට ලොව වටා කතෝලික ප්රජාව ලහි ලහියේ සූදානම් වෙමින් සිටියි.
මේ සමයේදී නත්තල් සැරසිලි සදහා හිමිවන්නේ සුවිශේෂී ඉල්ලුමක්.
එවන් නත්තල් සැරසිලි භාණ්ඩ නිෂ්පාදනය කරන නගරයක් පිළිබඳ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙයි.
මෙක්සිකෝවේ පිහිටි කුඩා පළාතක් වන මිචෝකන් ලොව පුරා ප්රකටව ඇත්තේ නත්තල් සැරසිලි නිෂ්පාදනය සඳහායි.
වසර පුරාවටම නත්තල් අසිරියක් උසුලන මෙම කලාපය මෙවරද නත්තල සදහා සූදානම් වන්නේ මෙලෙසින්.
වීදුරු යොදාගෙන සාදනු ලබන වීදුරු බුබුළු එම කලාපයේ නිෂ්පාදනය කෙරෙන සුප්රකටම සැරසිල්ලක් ලෙසින් සැලකෙයි.
යන්ත්ර සූත්ර අවම වශයෙන් භාවිත කරමින් සාදනු ලබන මෙම වීදුරු බුබුළු සදහා ලෝකයේ දසතින්ම ඉතා ඉහළ ඉල්ලුමක් පවතියි.
එම නිෂ්පාදනවලින් සියයට 60ක් විදෙස් රාජ්ය වෙත අපනයන කරන අතර එම රටවල් අතරින් එක්සත් ජනපදය ,කැනඩාව, ජපානය,මැලේසියාව හා යුරෝපා රටවල් ප්රධානයි.
මිචෝකන් පළාතේ වෙසෙන බහුතර ජනතාව සිය ජීවිකාව සපයාගන්නේ වීදුරු බුබුළු නිෂ්පාදනයෙන්.
ඒ අනුව අද වනවිට එහි 10 000ක පමණ ප්රජාවක් එම කර්මාන්තයේ නිරතව සිටියි.
මේ අතර ඔවුන් විසින් වසරකට වීදුරු බුබුළු මිලියන 50කට වඩා වැඩි ප්රමාණයක් නිපදවන බවද මෙක්සිකෝ වාර්තා වැඩිදුරටත් පවසයි.