දේවප්‍රියරාමය විහාරස්ථාන චෛත්‍යයේ චූඩා මාණික්‍යය සොරා ගනියි
December 11, 2019 03:51 pm
දේවප්‍රියරාමය විහාරස්ථානයේ චෛත්‍යයේ තිබු චූඩා මාණික්‍යය කිසියම් පිරිසක් හෝ අයෙකු විසින් ඊයේ (10) රාත්‍රී සොරාගෙන ඇති බව බලංගොඩ පොලීසිය පැවසයි.
එම චූඩා මාණික්‍යය අඟල් 04ක පමණ දිගින් යුතු බව වාර්තා වන්නේය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
