වාහනයක ගැටී හදුන් දිවි පැටවෙක් මරුට
October 26, 2019 09:30 am
වාහනයක ගැටී මිය ගොස් සිටි හදුන් දිවි පැටවෙකුගේ සිරුරක් අද(26) අළුයම හමු වු බව හැටන් පොලීසිය පැවසිය.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම බස් නැවතුම්පොල අසල ප්‍රධාන මාර්ගයේ හදුන් දිවියා ජීවිතක්ෂයට පත් වි සිටි බව හැටන් පොලීසිය පැවසුවේය.
තේ වතු ආශ්‍රිකව සැරි සරන හදුන් දිවියන් හැටන් කුඩාගම ප්‍රදේශයේ බහුල වශයෙන් සැරි සරන බවත්, එසේ සැරි සරන හදුන් දිවි පැටවෙකු ප්‍රධාන මාර්ගය හරහා මාරු විමට යාමේදි එම මාර්ගයේ ගමන් ගත් වාහනයක ගැටි හදුන් දිවි පැටවු මිය යන්නට ඇති බව හැටන් පොලිසිය සැකකරයි.
වසරක් පමණ වයසැති හදුන් දිවි පැටවා හැටන් කුඩාගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස ජිවිතක්ෂයට පත් වි සිටින බවට ප්‍රදේශවාසින් විසින් ලබා දුන් තොරතුරක් මත ජිවිතක්ෂයට පත් වි සිටි හදුන් දිවි පැටවා පොලිස් භාරයට ගෙන ඇත.
ජිවිතක්ෂයට පත් හදුන් දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය නව ජිවි කාර්යයාලයේ නිලධාරින්ට හැටන් පොලීසිය විසින් දැනුම් දිමක් කර ඇත.