ඉන්දියාවේන් සොයා ගත් හරිත ගිනිකෙළි
සයුරෙන් එතෙර

ඉන්දියාවේන් සොයා ගත් හරිත ගිනිකෙළි

October 22, 2019   11:58 am

ඉන්දියාවේ ගිනිකෙළි නිෂ්පාදකයන් පිරිසක් විසින් හරිත ගිනිකෙළි නිෂ්පාදනයක් වෙළඳපලට හඳුන්වාදී තිබේ.

ලඟ එන දිපවාලි උත්සවයට සමගාමිව මෙම නවතම නිෂ්පාදනය හඳුන්වාදී ඇත.

වායු දූෂණය, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට මුහුණපෑමට සිදුව ඇති බරපතලම අර්බුදයක්.

මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල උත්සව සමයේදී  ගිනිකෙළි දැල්වීම තහනම් කිරීමට බලධාරීන්ට සිදු විය.

ඉන්දියාවේ ගිනිකෙළි නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි සිවකාසි නගරයයි.

වායු දූෂණයට හේතුවන ගිනිකෙළි වෙනුවට පරිසර හිතකාමී හරිත ගිනිකෙළි නිෂ්පාදනයක් හඳුන්වාදීමට සිවකාසි ගිනිකෙළි නිෂ්පාදකයන් සමත්වී තිබේ.

හරිත ගිනිකෙළිවල බේරියම් නයිට්‍රේට් ඉතා අඩු ප්‍රමාණයක් අන්තර්ගතවන අතර විමෝචනය සියයට 30ක් දක්වා අඩුකර ඇති බව සඳහන්.

එමෙන්ම නව ගිනිකෙළි නිෂ්පාදනයේ ඩෙසිබල් අගයද ඉතා පහළ අගයක් ගන්නා බව නිෂ්පාදකයන් පවසයි.