නීති විරෝධීව මාළු අල්ලපු 5ක් නාවික හමුදා බාරයට

නීති විරෝධීව මාළු අල්ලපු 5ක් නාවික හමුදා බාරයට

October 1, 2019   02:39 pm

ත්‍රිකුණාමලය, සිනම්වේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් පස්දෙනෙකු  නාවික හමුදා බාරයට ගෙන ගෙන තිබේ.

මෙම සැකකරුවන් අද(01)  නාවික හමුදාව විසින් බාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, සිනම්වේලි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පස්දෙනෙකු මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. 

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33 ත් 60 ත්  අතර වියෙහි පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. 

එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න සොයා ගෙන ඇති අතර, එම තහනම් දැල්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතව ඇත.

මෙවැනි තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ වීමට ලක්වී ඇති බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටියි.