සුළැගිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි

සුළැගිල්ල වෙනුවට මහපට ඇඟිල්ල පාට කරයි

October 16, 2024   08:58 pm

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබේ.

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඒ බව දැනුම්දෙයි.

ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල නොමැති නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරය) 53අ(3) අ, ආ (i) (ii) (iii) වගන්ති ප්‍රකාරව ඔහුගේ දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් පාට කිරීමට ද නියමිතය.

2024.09.21 දින පැවති ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ 

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,