ගම් 7ක් පාළු කරන තල් මල

September 23, 2019   06:03 pm

තල් ගසක මළක් පිපුණු විට අවට ඇති ගම්මාන 07ක් පාළුවී යන බවට වූ මතයක් පැරණි ජනප්‍රවාදයේ ඇත.

මේ නිසාම කිසියම් ගම්මානයක තල මළක් පිපුණු විට සෙත් කවි ගායනා කිරීම,පිරිත් සජ්ජායනා කිරීම මෙන්ම වස් කවි ගායනා කිරීමද සිදු කරයි.

නමුත් මෙම කථාව ජනප්‍රවාදයක් පමණක් බවත්,එහි සත්‍ය තත්ත්වය වෙනත් එකක් බවත් ඇතැමුන්ගේ මතය වේ.

වසර 100 කට පමන වරක් තල මළක් පූදීන බවත්, එය මාස 06 ක් පමණ කාලයක් පවතින බවත් සඳහන් වේ.

තල් මළෙන් නික්මෙන දැඩි සුවදක් හේතුවෙන් අවට ගම්මාන වල සිටින කෘමී සතුන් ඒ දෙසට ගමන් කිරීම සිදුවන බවද කියති.

එසේ පැමිනෙන කෘමී සතුන් භෝග වගාවන්ට හානි කිරීම නිසා ගොවීන් වගා බිම් අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම නිසා ගම්මාන පාළු වී යන බවද පැවසේ.

නමුත් වර්තමානය වෙනස් වී ඇත.

මෙරට තුළ ඇති ඇතැම් ආක්‍රමණශීලී ශාඛ හේතුවෙන් හිතකර මෙන්ම අහිතකර කෘමී සතුන්ද විනාශයට පත් වේ.

ඒ නිසා වගා පාළු කිරීම කෙසේ වෙතත් වගාවන් සංරක්ෂණය කිරීම (පරාගනය) සඳහා කෘමී සතෙකු සොයා ගැනීමද ගැහැට කරුණක් වී ඇත.

කාලයකින් දක්නට ලැබෙන තල මළක් පසුගිය දිනක ආරච්චිකට්ටුව - බටහිර රාජකදළුව ගම්මානයේ පිපී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් වාර්තා කළේය.

ජනප්‍රවාදයේ කියවෙන මතයන්ට ගරුකරමින් මෙම තල මළ ආසන්නයේ පිරිත් සජ්ජායනය කිරීමට සහ සෙත් කවි ගායනා කිරීමක්ද සිදුකර ඇත.