දිස්ත්‍රික්ක 7ක ඩෙංගු වැඩි වීමේ අවදානමක්

දිස්ත්‍රික්ක 7ක ඩෙංගු වැඩි වීමේ අවදානමක්

September 17, 2019   01:45 pm

පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

විශේෂයෙන් කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල මෙම තත්වය වැඩි වශයෙන් නිරීක්ෂණය කෙරේ.

මෙම උවදුර පාලනය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් ඒ සඳහා පියවර රැසක් ක්‍රියාත්මකයි. 

එම පියවරයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළින් ඩෙංගු රෝගය මර්දනයට සහ රටවැසියන්ගේ ජීවිත අවදානම තුරන් කිරීම උදෙසා මහජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.