ලඩාක්හි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අවධානය
සයුරෙන් එතෙර

ලඩාක්හි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අවධානය

August 19, 2019   12:53 pm

ලඩාක් කලාපයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන් වෙයි.

ලඩාක් කලාපය ජම්මු කාශ්මීර ප්‍රාන්තයෙන් වෙන් කරනු ලැබීමෙන් පසුව එහි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

ලඩාක් කලාපය ජම්මු කාශ්මීර ප්‍රාන්තයෙන් වෙන් කෙරුණේ ඉන්දීය පාලනය සහිත ජම්මු-කාශ්මීරයේ ස්වයංපාලන බලතල ඉවත් කිරීමට ඉන්දියාව පසුගිය සතියේ ගත් තීරණයත් සමඟයි.

ස්වයංපාලන බලතල කාශ්මීරයට අහිමි වී ජම්මු සහ කාශ්මීර යන පළාත් ඉන්දීය මධ්‍යම රජයේ පාලනයට යටත් වන අතර ලඩාක් පළාත ජම්මු සහ කාශ්මීර මහාධිකරණ බලසිමාවට යටත් වෙයි.

ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය ක්‍රියාත්මක වෙද්දී ජම්මු කාශ්මීර් සහ ලඩාක් පොදුවේ ඉන්දීය පාලනයට නතු කශ්මිරයයි.

මේ අතර ලඩාක් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් බවට පත්කරන බව ඉන්දීය රජය ප්‍රතිඥා දී තිබේ.

ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගන්නා බව ඉන්දීය බලධාරීන් පැවසුවත් ඒ වෙනුවෙන්  එහි දේශපාලන නායකයින් දීර්ඝ කාලයක් හඬ නැඟීය.

ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ ලඩාක් පළාත සුවිශේෂ වෙයි.

බෞද්ධ වැසියන් බහුතරයක් එහි  වාසය කිරීම ඊට හේතුවයි.

ජම්මු සහ කාශ්මීර රජය ලඩාක් වෙනුවෙන් විශේෂිත පාලන ක්‍රමයක්ද හඳුන්වා දී තිබුණි.

කෙසේ වෙතත් ලඩාක් කලාපය කාශ්මීරයෙන් වෙන්කිරීම එහි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රුකුලක් බව ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ විශේෂඥයින් පෙන්වා දෙයි.

ඉන් මධ්‍යම රජයට ආර්ථික ප්‍රතිලාභ අත්කර ගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

එමෙන්ම සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් ඔවුන් අපේක්ෂා කෙරෙයි.

ලඩාක් වැසියන්ගේ ආර්ථිකය සරු කරන ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි.

පුරාණ ආරාම සහ කඳු මුදුන් තරණය කිරීම සඳහා එහි පැමිණෙන සංචාරකයින්ගෙන් ඔවුන් දැනටමත් ප්‍රතිලාභ ලබන බව විදෙස් වාර්තා සඳහන් කළේය.