පුටින්ගේ මීළඟ පියවර ගැන ඉඟියක් 
සයුරෙන් එතෙර

පුටින්ගේ මීළඟ පියවර ගැන ඉඟියක් 

December 3, 2024   08:35 pm

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබුණත් නිශ්චිත දිනයක් පිළිබඳව මෙතෙක් ස්ථීරව ප්‍රකාශ වී නොමැත. 

රුසියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පුටින්ගේ ඉන්දීය සංචාරය 2025 වසරේ මුල් භාගයේදී සිදුකිරීමට නියමිත බවය.

රුසියානු ජනාධිපති පුටින්ට ඉන්දීය සංචාරයක් සඳහා ආරාධනා කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසිනි.

නායකයින් දෙපළගේ එකඟත්වය අනුව මෙලෙස වසරකට වරක් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.