තවත් සේනා කෙනෙක්ද ?

තවත් සේනා කෙනෙක්ද ?

May 25, 2019   02:28 pm

කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ ගොයම් වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින දලඹු විශේෂයක් හේතුවෙන් ගොවීන් අසීරුතාවට පත්ව සිටියි.

ගොවින් චෝදනා කරන්නේ අවස්ථා රැසකදි මේ පිළිබඳ අදාල අංශ දැනුවත් කළද මෙතෙක් කිසිදු පිළියමක් ලැබි නොමැති බවයි.

යල කන්නය වෙනුවෙන් ගොවිතැන් කටයුතු සිදුකරන පොල්පතිගම, රඹේ ගොවිජන බලප්‍රදේශයට අයත් අගාරේ ප්‍රදේශයේ වී වගාව ආශ්‍රිතව මේ දළඹු උවදුර ව්‍යාප්තව පවතියි.

ගොවීන් පවසන්නේ මෙම දළඹු විශේෂය ගොයම් ගස සම්පූර්ණයෙන්ම කා දමන බවයි.

එමෙන්ම මේ දළඹු විශේෂය මේ වන විට ගම් රැසකට ව්‍යාපත්ව පවතින බවද වාර්තා වේ.

ගොවීන් පවසන්නේ ජලය නොමැතිකමින් පෙර කන්නයට සාපේක්ෂව යල කන්නයේ වී වගාවද අඩුවී ඇති තත්ත්වයක මෙවැනි උවදුරක් පැමිණීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්වන බවයි.

මීට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලාගේ කෘමි උවදුර වාර්තා වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් මහතා සඳහන් කළේ වී වගාව ආශ්‍රිතව මෙම කෘමි උවදුර ව්‍යාප්ත වන බවයි.

මේ පිළිබඳ දුටු වහාම ප්‍රදේශයේ කෘෂිකර්ම නිළධාරීවරයා දැනුවත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.