ෆෝමියුලා වන් ශූර නිකි ලාඩා අභාවප්‍රාප්ත වෙයි

ෆෝමියුලා වන් ශූර නිකි ලාඩා අභාවප්‍රාප්ත වෙයි

May 21, 2019   11:28 am

ලෝක ශූරතා ෆෝමියුලා වන් ශූරයෙක් වන ඔස්ට්‍රියාවේ නිකි ලාඩා අද අභාවප්‍රාප්ත වුණා.

ඔහු මිය යන විය 70 වැනි වියේ පසුවුණා.

ඔස්ට්‍රියාවේ නිකි ලාඩා තුන්වතාවක් ලෝක ශූරතා ෆෝමියුලා වන් ශූරතාව දිනාගෙන තිබෙනවා.

ඔහු පළමු වරට 1975 වසරේ දී ෆෙරාරි පිල වෙනුවෙන් ෆෝමියුලා වන් ශූරතාව දිනා ගත්තා.

1976 වසරේ දී ජර්මන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේ දී අනතුරකට ලක් වුණත් නිකි ඉන්පසු නැවතත් තරග බිමට පිවිසියා.

ඉන්අනතුරු  1977 වසරේ දී සහ 1984 වසරේ දී  ද ෆෝමියුලා වන් ශූරතාව දිනා ගැනීමට ඔහු සමත් වුණා.

මෙම වසරේ ජනවාරි මාසයේ දී ඉන්ෆුලුවෙන්සා රෝගයට ගොදුරු වන නිකි දින 10ක් පමණක් එම රෝගයෙන් පීඩා වින්දා.

1949 වසරේ දී උපත ලද නිකි ලාඩා පළමු වතාවට ෆෝමියුලා වන් තරග බිමට පිවිසෙන්නේ 1971 වසරේදීයි.

නිකිගේ පවුලේ ඥාතීන් අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් ඔහු මිය ගිය බව තහවුරු කළා.