ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට හකීම්ගේ සහය
May 5, 2019 07:52 pm
පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඊට සම්බන්ධ ත්රස්තවාදීන් පිළිබඳ කෙරෙන විමර්ශනවලට තම පූර්ණ සහාය ලබාදෙන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
ආගමික සිද්ධස්ථාන පිළිබඳ කටයුතු කිරීමේදී නිසි අයුරින් තෝරාගෙන කටයුතු සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.
මෙම ක්‍රියාදාමය මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාව කටයුතු කළ ආකාරය අගය කළ යුතු බවත් පවසන රවුෆ් හකීම් මහතා ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද කියා සිටියේය.
අද(05) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කළා අතර එයට මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාද එක්ව සිටියේය.
ත්‍රස්තවාදය අපි පරාජය කළ යුතු බවත්, ත්‍රස්තවාදය හරහා දේශපාලනය සිදු කිරීම අවශ්‍ය නොවන බවත් ඔහු මෙහිදී පැවසීය.
මේ සඳහා අනුග්‍රහය දෙන අයට දඬුවම් දිය යුතු බව ද පවසා සිටි ඒ මහතා, විජයදාස හිටපු ඇමතිතුමාගේ ප්‍රවෘත්තියක් පළ වු බවත් තමන්ගේ නමත් එහි සඳහන් කළ අතර අත්අඩංගුවට ගන්නැයි පැවසු බව ද මුජිබර් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
එතුමා ජනාධිපති නීතීඥවරයෙක් බවත් තොරතුරු තිබෙනවා නම් ආරක්ෂ අංශයට ලබා දිය යුතු බවත් කියා සිටි ඒ මහතා, ජාතිවාදී ප්‍රකාශ සිදු කරන්නේ නැතිව නීති ක්‍රියාමර්ග ගන්න අවස්ථාව තමාට ඇති කළ බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ද මේ සම්බන්ධයෙන් කොළොන්නාවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළේය.
ත්රස්තවාදීන් දඬුවම් දෙන්න නීතී ප්‍රමාණවත් නැතිනම් පාර්ලිමේන්තුවේ නීතී සම්පාදනය කළ යුතු බව ද සඳහන් කළ ඒ මහතා,
විරුද්ධ අයගේ ස්වභාවය හඳුනාගන්න පුළුවන් බව ද පැවසීය.
සම්බන්ධ වුණු අයට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බවත්, මුස්ලිම්ද, සිංහලද, දෙමළද යන්න නොබලා කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩුව පිළිබඳව ද ගැටළුවක් එන බව කියා සිටියේය.
මෙවැනි සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් හට මරණ දඬුවම ලබා දිමට යෝජනාවක් ගෙන එ්ම සුදුසු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.