රටේ ආරක්ෂක තත්ත්වයෙන් කෙසෙල් වගාවටත් බලපෑම්
May 2, 2019 02:26 pm
සිය අස්වනු අළෙවි කරගැනීමට නොහැකිව සූරියවැව කෙසෙල් ගොවීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියි.
ගොවින් පවසන්නේ රටේ පවතින ආරක්ෂක තත්ත්වය මත කෙසෙල් මිලදී ගැනීම සඳහා වෙළෙඳුන් සති පොළට නොපැමිණෙන බවයි.
හම්බන්තොට සූරියවැව කෙසෙල් වගාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා.
එමෙන්ම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද කෙසෙල් වගාවයි.
සිය අස්වනු සූරියවැව සතිපොළට ගෙනැවිත් එහි සිට අළෙවි කිරීමට ගොවීන් හුරු වී ඇති අතර කෙසෙල් මිලදී ගැනීම සඳහා මඩකලපුව,අක්කරෛයිපත්තුව,අම්පාර සහ කොළඹ ආදී දිවයිනේ නන් දෙසින් වෙළෙඳුන් එහි පැමිණෙයි.
කෙසේවෙතත් ගොවීන් පවසන්නේ පසුගිය පාස්තු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් පසු වෙළෙන්ඳන් කෙසෙල් මිලදී ගැනීම සඳහා වෙනදා මෙන් සතිපොළට නොපැමිණෙන බවයි.
සිය අස්වණු අළෙවි කරගැනීමට නොහැකිව ගොවීන් සිය නිවෙස් වලම ඒවා තබා ඇති ආකාරය දක්නට ලැබෙයි.
මේ අතර මතුව තිබෙන ගැටළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
