ආපදාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 50ක් 

ආපදාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 50ක් 

November 28, 2025   05:35 pm

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට මරණ 50ක් වාර්තා වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්කය තුළ අවතැන් කඳවුරු 76ක පුද්ගලයින් 2,239ක ජනතාවක්ද කඳවුරුගත කර ඇති බවය.

එමෙන්ම අතුරුදන්වීම් 67ක් වාර්තා වී ඇතැයිද ආරක්ෂක අංශ ඇතුළු මුදවා ගැනීම් කණ්ඩායම් විසින් එම මුදවා ගැනීම් සඳහා කටයුතු කරමින් පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

"දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 76ක 2,639ක ජනතාවක් කඳවුරුගත වෙලා තියෙනවා. ඒ වගේම මේ වන විට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ සමස්ත මරණ සංඛ්‍යාව මරණ 50ක් පවතින බව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අතුරුදන්වීම් 67ක් පවතිනවා කියලා වාර්තා වෙනවා. අදාළ කොට්ඨාසවල ඒ ඒ ස්ථානයන්වල නාවික හමුදාව සහ අනෙකුත් අංශ සහභාගීත්වයෙන් එම මුදවා ගැනීම් කටයුතු සිදුවෙමින් පවතිනවා."