ඒකාබද්ධයෙන් කතානායකට ඉල්ලීමක්
March 21, 2019 10:38 pm
ජාතික පොලිස් කොමිසම, ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි.
ඒ බැඳුම්කර සිදුවීමේ ප්‍රධාන වගඋත්තරකරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අදාළ ලේඛන මෙතෙක් සිංගප්පූරුව වෙත යොමු නොකිරීම සම්බන්ධයෙන්ය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අතර, අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණි.