අරුම පුදුම ගොවා ගෙඩිය
March 17, 2019 04:37 pm
ගෙඩි ගෝවා ශාකයට අනන්‍ය වු ස්වභාවිකත්වයට මුළුමනින්ම වෙනස් අපුරූ ගෝවා ගසක් හැටන් රුවන්පුර ගම්මානයේ වගා බිමක හටගෙන තිබේ.
ගොවා පැලයකින් හට ගනුයේ එක් ගෝවා ගෙඩියක් වන මුත් මෙම ගෝවා ඵලයේ එක් මුදුන් මුලකින් හට ගත් ශාකයේ ගෙඩි නවයක් එක පොකුරට සෑදි ඇත.
මලක ආකාරයෙන් හට ගෙන තිබෙන මෙම ගෝවා ගෙඩි සියල්ල කිලෝ එකයි ගෑම් හයසියයක පමණ බරකින් සමන්විතය.
එම ගෝවා හැටන් නගරයේ එළවළු වෙළද සැලක අලෙවි කිරිම සදහා තබා තිබියදී එහි හිමිකරු විසින් මාධ්‍යට ඉදිරිපත් කරන ලදී.