සයුරෙන් එතෙර
අමෙරිකාවට හිම කුණාටුවක්
March 5, 2019 10:16 am
අමෙරිකාවේ ඊසානදිග ප්රදේශය හරහා හිම කුණාටුවක් හමායමින් තිබේ.
ඒ හේතුවෙන් ගුවන් සහ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඊසානදිග කලාපයේ මේරිලන්ඩ් සිට මෙයින් දක්වා ප්රාන්ත වලින් අගල් 15ක පමණ දැඩි හිමපතනයක් වාර්තාවන බව අමෙරිකානු කාලගුණ වාර්තාවල දැක්වේ.
ඒ සමඟ කලාපයේ උෂ්ණත්වය දැඩි ලෙස පහළ බැස ඇති අතර මහාමාර්ග ලිස්සනසුළු ස්වාභාවයක් ගෙන ඇති බව සඳහන්.
අධික හිමපතනය සහ හිමකුණාටුව හේතුවෙන් ගුවන් ගමන් වාර දහසක් පමණ අවලංගු කර තිබේ.
එමෙන්ම කලාපයේ දුම්රිය ගමන් වාර රැසක්ද අවලංගු කර ඇති බව සඳහන්.
පවතින තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්රදේශවල රජයේ කාර්යාල වසා දැමීමටත් සිදුව තිබුණි.
මේ අතර හිම කුණාටු අවදානම හේතුවෙන් නිව්ජර්සි ප්රාන්තයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර ඇතැයිද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.