දැනුම වෙනුවෙන් හඬා වැටෙන සිසුන්
March 4, 2019 02:09 pm
වසර ගණනාවක් මුළුල්ලේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුනොකිරීම හේතුවෙන් දුෂ්කරතාවට පත් පාසලක් පිළිබඳව පොළොන්නරුව ඇළහැර ප්‍රදේශයෙන් වාර්තා විය.
ඒ පොළොන්නරුව ඇළහැර කණිෂ්ඨ විද්‍යාලයයි.
පළමුවන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා, දරුවන් 400කට ආසන්න පිරිසක් අධ්‍යාපනය හදාරණු ලබන මෙම පාසල දැන් වසර ගණනාවක් තිස්සේ කිසිදු සංවර්ධන කටයුත්තකට භාජන වී නැත.
අගහිඟකම් රැසක් මැද අධ්‍යාපනය ලබන මෙම දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට මෙම පාසල තුළ සිටින්නේ ගුරුවරුන් 14 දෙනෙකු පමණයි.
භෞතික සම්පත් මෙන්ම ප්‍රමාණවත් ගුරුවරුන් නොමැති කමින් වසර ගණනාවක් තිස්සේ පීඩාවට ලක්ව සිටින මෙම දරුවන් ඉල්ලා සිටින තමන්ගේ ගමට ඇති ලඟම පාසල සංවර්ධනය කර දීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු නොවන්නේද?