විදුලි රැහැනින් තීරණය වූ සද්ධන්ත ජීවිතය

විදුලි රැහැනින් තීරණය වූ සද්ධන්ත ජීවිතය

January 16, 2019   09:01 am

සීගිරිය මහසෙන්ගම ප්‍රදේශයේ ගොවි බිමක් ආරක්ෂා කිරීම සඳහා අදින විදුලි රැහැනක් සපා කෑම හේතුවෙන් වන අලියෙකු මිය ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම වන අලියා වගාවේ ආරක්ෂාවට දමා තිබූ විදුලි බල්බයක් දැල්වීම සඳහා සවිකොට තිබූ වයර් කැබැල්ලක් සපා කෑම නිසා විදුලි සැර වැදී මියගොස් ඇතැයි සීගිරිය වනජීවී නිලධාරීහු සඳහන් කළේය.

විදුලි සැර දමා වන අලියකු ඝාතනය කර ඇති බවට සීගිරිය වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මහසෙන් ගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පරීක්ෂා කිරීමේදී මිය ගිය සිටි වන අලි මළ සිරුර සොයා ගෙන තිබේ.

පසුව සිදු කළ පරීක්ෂණ වලදී හෙළිව ඇත්තේ වන අලියා ඝාතනය කිරීම සඳහා විදුලිසැර විදුලිය ඇද නොතිබුණු බවත් නිවසේ අවට වන අලීන්ගෙන් බෝග වගාව ආරක්ෂා කිරීම සඳහා විදුලි බල්බ රැසක් රාත්‍රී කාලයේ දල්වා තිබෙන බව වනජීවී නිලධාරීහු පවසති.

එවැනි විදුලි බල්බයක් දැල්වීම සඳහා යොදා තිබූ වයර් මෙම වන අලියා මුඛයේ දමා හපා ඇතැයි පරීක්ෂණවලදී හෙළිවූ බව වන සත්ව ආරක්ෂක 
ඒ .ඩී .බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම වන අලියා විදුලිසැර වැදීමෙන් ඝාතනය වීම හේතුවෙන් විදුලිය ඇද දැමූ නිවෙස් හිමියා සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් පැවසීය.

මියගිය වන අලියා අවුරුදු හතළිහක් පමණ වන අතර සිද්ධිය සිම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීගිරිය වනජීවී නිලධාරීන් හා සීගිරි පොලීසිය සිදු කරයි.