ටොෆි හා චොක්ලට් වික්ක අයෙකු මාට්ටු
December 20, 2018 10:10 pm
මත් ටොෆි හා මත් චොක්ලට් තොගයක් විකිනීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද(20) සවස වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලීසිය පවසයි.
පොලීසිය පැවසූවේ ලද තොරතුරක් මත කුඩා ලොරි රථයකින් අදාළ මත් ටොෆි හා චොකලට් ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
වරකාපොළ ප්‍රදේශයේ පදිංචි සැකකරු පාසල් දරුවන් හා කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් අදාළ ජාවාරම සිදුකොට ඇති බව පොලීසිය අනාවරණය කොටගෙන ඇත.
සැකකරු සතුව තිබි මත් චොකලට් පෙට්ටි 32 ක් හා පැන්සල් මාදිලියේ මත් ටොෆි පෙට්ටි 25 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.
පොලීසිය පැවසූවේ අදාළ පෙට්ටියක මත් චොකලට් හා මත් ටොෆි 100 බැගින් තිබෙන බවට ගණනය කොට ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට(21) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසූවේ උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝග යටතේ, වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ අධීක්ෂණයෙන්, ඕමන්ත කොට්ඨාශය බාර පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීම මත, ඕමන්ත පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත තෙන්නකෝන් මහතා,පොලිස් සැරයන්වරුන් වන 22927 ඉලංගරත්න,55003 වන්නිනායක,35592 චමින්ද නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි.