සිරිපා කරුණාව...

සිරිපා කරුණාව...

December 26, 2023  

Bookmark and Share
2023-2024 වසර සඳහා ශ්‍රී පාද වන්දනා වාරය අද (26) දිනට යෙදුණු උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සෙත් ඊයේ (25) දිනයේ වැඩම කරවු සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රී පාද පද්මය සුවඳ පැණින් දෝවනය කර ආගමික වතාවන් ගණනාවක් පැවැත්විය.

අනතුරුව අද උදැසන යෙදුණු සුබ නැකතට වැඩම්ම වු සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කිරීමෙන් පසු ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබීය.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)