අසරණ වීම...

අසරණ වීම...

August 24, 2023  

Bookmark and Share
ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24) දිවයිනේ සියලු රජයේ රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණි.

හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් සියලුම රජයේ රෝහල්වල රෝගී සත්කාරක සේවාවලට දැඩි බාධා එල්ලවී තිබුණි.

කෙසේවෙතත් මාතෘ, ළමා, පිළිකා සහ වකුගඩු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවීය.

ඉහත ඡායාරූපවලින් දැක්වෙන්නේ වර්ජනය හේතුවෙන් රෝහල්වෙත පැමිණි ජනතාව පීඩාවට පත්වී සිටි අයුරුය.