පිරිසිදුවන කොළඹ...

පිරිසිදුවන කොළඹ...

October 26, 2020  

Bookmark and Share
පිටකොටුව පොලිස් වසම, මැනිං වෙළෙඳපොළ හා මධ්‍යම බස්නැවතුම් පොළ, ගුණසිංහපුර හා බැස්ටියන් පොළ බස්නැවතුම් පොළවල් අද (26) උදෑසන පොලීසිය විසින් විෂබීජහරණයට ලක්කෙරිණි.

ඒ ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ අනුග්‍රහයෙනි.

විෂබීජහරණය සඳහා ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වය ද ලබා දුන්බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

එම ප්‍රදේශවලට මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බැවින් විෂබීජහරණය කිරීම පහසු බවත් පැවසු ඒ මහතා, ඒ සඳහා පොලීසියේ අධි පීඩන යන්ත්‍ර සහිත වාහන යොදා ගත් බවත් කියා සිටියේය.