කවුද මේ...

කවුද මේ...

August 14, 2019  

Bookmark and Share
වනජීවි නිලධාරින්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂියකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වනජීවි කාර්යාලයේ නිලධාරින්ට බාර දීමට අද(14) උදෑසන කටයුතු කර තිබුණි.

කිසිදු දිනක මෙරටට පැමිණ නැති දුර්ලභ ගනයේ පක්ෂියෙකු බවට තොරතුරු ඇති මෙම සත්වයා අනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්නයෙන් මුතුපන්තිය දූපතට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන වන ජීවී නිලධාරීන්ට බාරදීමට කටයුතු කර තිබේ.

මෙම පක්ෂීයාගේ තටු සැළලිහිනියකුට සමාන බවත් එක් තට්ටක් සෙන්ටිමිටර් 109 ක් දිගින් යුතු බවද වනජීවි නිලධාරින් පවසයි.

ඊයේ(13) රාත්‍රීයේ මෙම පක්ෂයා මුතුපන්තිය දූපතට පැමින ඇති අතර, පසුව ගම්වාසීන් විසින් මෙම පක්ෂියාව හොයා ගෙන ඇති බව කියයි.

හොට සහ වළිගය දිය කාවෙකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාළියෙකුගේ පාදවලට සමාන බව වනජීවී නිලධාරීන් පවසයි.

ආනවිළුන්දාව කුරුළු අභය භූමියට විවිධ සංචාරක පක්ෂීන් පැමිණ ඇති නමුත් මෙවැනි පක්ෂියෙකු කිසිදු දිනක දැක නොමැති බව ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

මෙම පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කීපයක් දක්නට ඇති බැවින් එම සතාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට බාර දීමට කටයුතු කරන බවද වනජීවි දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි ආරක්ෂක ආර්.කේ.සෝමචන්ද්‍ර මහතා පැවසීය.

ඡායාරූප - ජුඩ් සමන්ත