දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

April 16, 2025   07:39 am

පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

ඊයේ (15) සවස් කාලයේ  එම සිදුවීම වාර්තා වූ බව පානම පොලීසය පවසයි.

අතුරුදන් වූ තරුණයින් අවුරුදු 23 වයසේ පසු වූ මධ්‍යම පානම, පානම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.  

පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර හික්කඩුව පොලිස් වසමේ හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේදී විදෙස් ජාතික යුවළක් දියවැළකට හසු වී මුහුදෙහි ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබේ.

හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය, පොලිස් කොස්තාපල් 96221 දුමින්ද, පොලිස් කොස්තාපල් 27794 බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් 101510 අදීෂ යන නිලධාරීන් විසින් ඔවුන්ව බේරාගෙන ඇත. 

අනතුරින් බේරාගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 47ක් වන අතර කාන්තාව වයස අවුරුදු 46ක් වන රුසියානු ජාතික අඹු සැමි යුවළකි.