ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

November 11, 2018   08:27 pm

උතුම් රාජ්‍ය පාලනයක් සහිත ඉතාම සාදාචාරසම්පන්න සාමකාමී ගුණවත් සමාජයක් ස්වදේශිකත්වය මුල්කරගත් වටිනාකම් ඇති සංස්කෘතිය අපේ දේශීයත්වය ස්වදේශිකවාදය  මුල්කරගත් රාජ්‍ය පාලනයක් සඳහා සියලූ දෙනගේ සහයෝගය තමා ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(11) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එතුමා මේ බව සඳහන් කර තිබේ.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් දින 14 ක් ඇතුළත ජනතාව අමතන තුන්වන අවස්ථාව  මෙය බව ද ජනාධිපතිවරයා විසින් දැක්වා තිබේ.

තමා පළමුවෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කීරීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 වනදා තම අදහස් ඉදිරිපත් කළ බව ද ජනාධිපතිවරයා ‍එම නිවේදනයේ වැඩිදුරටත් දක්වයි.

එමෙන්ම නොවැම්බර් 05 වනදා බත්තරමුල්ලේ පැවති ජන හමුවේ දී දෙවන අවස්ථාවට දේශපාලන අදහස් ප්‍රකාශ කළ බවත් අද තුන් වන අවස්ථාවටත් ජනතාව අමතන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව තමා විසින් ජනතාව අමතන පළමු අවස්ථාව මෙය බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතු වූ කරුණු කිහිපයක් ද ජනාධිපතිවරයා විසින් සැකවින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් සිදු කල සම්පූර්ණ කථාව පහතින් දැක්වෙයි.

 

Presidents Special Statement 2018-11-11 by Anonymous JxQLERfkq on Scribd