රුසියානු හමුදාවට සහාය දෙන ඉන්දියානුවන් ගැන සොයයි
සයුරෙන් එතෙර

රුසියානු හමුදාවට සහාය දෙන ඉන්දියානුවන් ගැන සොයයි

April 26, 2024   01:03 pm

රුසියානු හමුදාවේ සහායක කාර්යමණ්ඩලය ලෙස සේවය කළ ඉන්දීය ජාතිකයන් අතරින් 10 දෙනෙකු නැවත ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

යුක්‍රේන යුද්ධය වෙනුවෙන් රුසියානු හමුදාව සමග එක්වී සිටින ඉන්දියානු ජාතිකයන් සම්බන්ධව ඉතා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවද ඉන්දියාව පවසයි.

මේ අතර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ද මේ වන විට රුසියාවට ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.