සයුරෙන් එතෙර
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් නැවතත් සම්බාධක
April 17, 2024 01:35 pm
ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය පවසයි.
ඔවුන් විසින් එසේ සම්බාධක පැනවීමට තීරණය ගෙන ඇත්තේ, සති අන්තයේ ඊශ්රායලයට එල්ල කළ ප්රහාරයෙන් පසුවය.
එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ ඉදිරි දිනවලදී එම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය.
එමෙන්ම යුරෝපා සංගම් විදේශ ප්රතිපත්ති ප්රධානී ජෝසෆ් බොරෙල් පැවසුවේ ඔවුන් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම සඳහා කටයුතු කරමින් සිටින බවය.