SRH කණ්ඩායමෙන් අලුත් වාර්තාවක්

SRH කණ්ඩායමෙන් අලුත් වාර්තාවක්

April 15, 2024   09:22 pm

IPL ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කිරීමේ වාර්තාව යළි අලුත් කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

ඒ SRH කණ්ඩායම මෙවර IPL තරගාවලියේදී MI කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 277ක් රැස්කරගෙන තිබූ වාර්තාව බිඳ හෙළමිනි.

ඒ අනුව RCB කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් SRH කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 287ක් රැස්කරගනිමින් එම වාර්තාව තැබීය.

කාසියේ වාසිය දිනූ RCB කණ්ඩායමේ ආරාධනාවෙන් පිටියට පිවිසි SRH කණ්ඩායමේ ආරම්භය ශක්තිමත් කිරීමට Travis Head සහ Abhishek Sharma 
සමත්විය.

එහිදී වේගවත් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Travis Head පන්දු 41කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 102ක් රැස්කරගත්තේය.

Heinrich Klaasen පන්දු 31කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 67ක් රැස්කරගත්තේය.

අවසානයේ පිටියට පිවිසි Abdul Samad, SRH කණ්ඩායම වෙනුවෙන් පන්දු 10කදී වේගවත් ලකුණු 37ක් රැස්කරගන්නේ හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගිනි.