පාසලක ගින්නක්

පාසලක ගින්නක්

April 29, 2024   07:04 pm

වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක ගින්නක් හටගෙන තිබේ.

එම විද්‍යාලයේ නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇත.

පසුගිය මාර්තු මස 03 වනදා ද මෙම පෞද්ගලික කාන්තා විද්‍යාලයේ ගින්නක් හටගෙන තිබීම විශේෂත්යකි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මාතර ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බවය.