බදු බර නිසා පාකිස්තාන ව්‍යාපාර කොට උඩ
සයුරෙන් එතෙර

බදු බර නිසා පාකිස්තාන ව්‍යාපාර කොට උඩ

April 15, 2024   12:44 pm

මූල්‍ය පාලනයේ දුර්වලතා හේතුවෙන් පාකිස්තානයේ ව්‍යාපාරික ප්‍රජාව දැඩි පීඩාවන්ට මුහුණදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන මාධ්‍ය ද පවසන්නේ පාකිස්තානයේ කුඩා හා විශාල ව්‍යාපාරවල හිමිකරුවන් මේ වනවිට පරිපාලනය හේතුවෙන් දැඩි බදුවලට මුහුණදී ඇති බවය.

නව බදු පැනවීම් කරච්චි හි ව්‍යාපාරිකයින්ට තවදුරටත් ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර කර ඇතැයි ද වාර්තා වෙයි.

එවැනි අධික බදු බර හේතුවෙන් විශාල සහ කුඩා ව්‍යාපාර කඩා වැටෙමින් ඇති බවද පැවසෙයි.