යුක්‍රේන ප්‍රහාරයෙන් 16ක් මරුට
සයුරෙන් එතෙර

යුක්‍රේන ප්‍රහාරයෙන් 16ක් මරුට

April 14, 2024   05:18 pm

යුක්‍රේන හමුදාව විසින් රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති ප්‍රදේශයකට එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති ප්‍රදේශයක් වන දකුණු Zaporizhzhia හි Tokmak නම් ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ලවී තිබුණි.

රුසියාවට අයත් මෙම භූමි ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් ෂෙල් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 12 දෙනෙකුගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.