පාකිස්තානයේදී බස් රථයක ගමන් ගත් 09 දෙනෙකුට වෙඩිතබයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේදී බස් රථයක ගමන් ගත් 09 දෙනෙකුට වෙඩිතබයි

April 13, 2024   06:25 pm

නිරිතදිග පාකිස්ථානයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

එරට බලොචිස්තාන් පළාතේ බස් රථයක ගමන් ගනිමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු පැහැරගෙන ගොස් වෙඩිතැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බලොචිස්තාන් ප්‍රාන්තයේ ක්‍රියාත්මක සටන් කණ්ඩායමක් විසින් එම ප්‍රහාරය සිදුකර ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කරයි.

මේ අතර බ්‍රිතාන්‍යය එරට පුරවැසියන්ට සංචාරය කිරීමට භයානක බවට අනතුරු අඟවන රටවල් ලැයිස්තුවට පාකිස්තානය ද එක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔවුන්ගේ නවතම ලැයිස්තුව යාවත්කාලීන කර ඇති අතර එහිදී පාකිස්තානය ඇතුළු තවත් රටවල් 08ක් එකතු කර ඇත.

අපරාධ, යුද්ධය, ත්‍රස්තවාදය, රෝග, කාලගුණික තත්ත්වයන් සහ ස්වභාවික විපත් ඇතුළු විදේශිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු රැසක් සලකාබලා බ්‍රිතාන්‍ය එම ලැයිස්තුව සකස් කරයි.

ඒ අනුව එම ලැයිස්තුවට අලුතින් එකතු කළ රටවල් අතරට රුසියාව, යුක්‍රේනය, ඊශ්‍රායලය, ඉරානය, සුඩානය, ලෙබනනය, බෙලරුසියාව සහ පලස්තීනය අයත් වෙයි.

කෙසේවෙතත් පාකිස්තාන මාධ්‍ය වාර්තා එරට බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ එවැනි පාකිස්තානය සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගෙන නොමැති බවය.