පාකිස්තානයේ සැමියෙක් බිරිඳ සමග දරුවන් 07දෙනා මරා දමයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේ සැමියෙක් බිරිඳ සමග දරුවන් 07දෙනා මරා දමයි

April 13, 2024   02:30 pm

දිළිඳුකම දරාගත නොහැකිව පාකිස්තානයේ පුද්ගලයෙකු සිදු කළ අපරාධයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා පවසන්නේ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පුද්ගලයෙකු තම බිරිඳ සහ දරුවන් 07දෙනා ඝාතනය කර ඇති බවය.

පාකිස්තාන පොලීසිය පවසන පරිදි මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 40  හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ දරුවන් 07දෙනාය. ඔවුන් අවුරුදු 8, 7, 5, 4, 3, 2 යන වයස් කාණ්ඩවල පසුවන අතර ලාබාලතම දරුවාගේ වයස සහ මාස 08කි.

දැරියන් 4 දෙනෙකු සහ දරුවන් 3 දෙනෙකු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී තිබුණි.

මේ අතර පාකිස්තානයේ කරච්චි නුවරින් ද එවැනි සිදුවීමක් වාර්තා වෙයි.

ඒ පුද්ගලයෙකු සිය බිරිඳට සහ දරුවන්ට වස පානය කිරීමට සලස්වා ඇතැයි පැවසෙන සිද්ධියකි.

අනතුරුව ඔහු ද වස පානය කර ඇතත් පසුව පොලීසිය විසින් ඔහුව රෝහල්ගත කර තිබේ.