ඉන්දීය ආයෝජන එන තෙක් නේපාලය බලාසිටී
සයුරෙන් එතෙර

ඉන්දීය ආයෝජන එන තෙක් නේපාලය බලාසිටී

April 12, 2024   01:38 pm

සිය රට තුළ ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් සලකාබලන ලෙස නේපාලය ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දියාවේ නේපාල තානාපති විසින් මෙම ඉල්ලීම සිදු කර ඇති බවය.

ඒ අනුව වැඩිවැඩියෙන් නේපාලයේ ආයෝජනය කිරීම ගැන සලකාබලන ලෙස ඔහු ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර ඇත.

නේපාලය තුළ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී ඉන්දියාව අංක එකේ පසුවන බව ද ඔහු පවසා තිබේ.

එමෙන්ම නේපාලයේ විශාලතම ආයෝජකයා ඉන්දියාව බවද ඉන්දියාවේ නේපාල තානාපති පෙන්වා දෙයි.

ඒ අනුව නේපාලයේ මුළු ආයෝජනවලින් තුනෙන් එකක් ඉන්දියාව විසින් සිදු කර ඇති බව වාර්තා වෙයි.