ජපානය සහ පිලිපීනයට අමෙරිකාවෙන් පොරොන්දුවක්
සයුරෙන් එතෙර

ජපානය සහ පිලිපීනයට අමෙරිකාවෙන් පොරොන්දුවක්

April 12, 2024   10:03 am

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා සහ පිලිපීන ජනාධිපති අමෙරිකාවට පැමිණ තිබේ.

ඒ රටවල් තුන අතර පැවැත්වෙන විශේෂ හමුවක් සඳහාය.

ඒ අනුව ජපාන සහ පිලිපීන නායකයින් දෙදෙනාව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ධවල මන්දිරයේදී පිළිගෙන ඇත.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජපානය සහ පිලිපීනය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම් වෙනස් නොවන බවය.

ජපානය සහ පිලිපීනය, චීනය සමග භෞමික ආරවුල් සඳහා එළඹ සිටින පසුබිමක මෙම සමුළුව පැවැත්වීම විශේෂත්වයකි.