චීනය තායිවානයේ හිටපු ජනපතිව කැඳවයි
සයුරෙන් එතෙර

චීනය තායිවානයේ හිටපු ජනපතිව කැඳවයි

April 11, 2024   04:42 pm

චීන ජනාධිපති ෂී ජින්පින් තායිවානයේ හිටපු ජනාධිපති සමග සාකච්ඡාවක නිරතවී තිබේ.

ඒ සඳහා තායිවානයේ හිටපු ජනාධිපතිවරයා චීනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තායිවානයේ හිටපු ජනාධිපති මා යින්ග්-ජියෝ සැලකෙන්නේ චීන හිතවාදියෙකු ලෙසය.

එම හමුවේදී චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ කිසිදු බාහිර මැදිහත්වීමකින් පවා දෙරට නැවත එක්වීම නැවැත්විය නොහැකි බවය.

එහෙත් තායිවානයේ වත්මන් ජනාධිපතිගේ පාලනය යටතේ තායිවාන චීන සබඳතා බිඳ වැටී ඇති අතර තායිවානය මේ වනවිට වඩාත් සමීපවී සිටින්නේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර සන්ධානයටය.

තායිවානය යනු සිය රටේ කොටසක් ලෙස චීනය විසින් සලකනු ලබයි.

එහෙත් තායිවානය එය තරයේ ප්‍රතික්ෂේප කරයි.