හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් දිවියට සමුදෙයි

හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් දිවියට සමුදෙයි

April 10, 2024   01:33 pm

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පා දඟ පන්දුයවන ක්‍රීඩක ජැක් ඇලබැස්ටර් ජීවිතක්ෂයට පත්වී තිබේ.

මියයන විට ඔහු 93 වැනි වියේ පසුවිය.

ඔහු නවසීලන්තය ලැබූ පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණ 4 සඳහාම දායකත්වය දුන් ක්‍රීඩකයෙකි.

නවසීලන්තය වෙනුවෙන් 1955-1972 අතර කාලයේදී ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කළ ඇලබැස්ටර්, කඩුලු 49ක් දවා ගත්තේය.