එකම පවුලේ 8ක් අනතුරකින් මරුට
සයුරෙන් එතෙර

එකම පවුලේ 8ක් අනතුරකින් මරුට

March 29, 2024   10:36 am

පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවී ඇත්තේ කයිබර් හි  පක්තුන්ක්වා ප්‍රදේශයකදීය.

මියගිය පිරිස අතර කාන්තාවන් පස්දෙනෙකු, කුඩා ළමුන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ට්‍රක් රථයේ කාර්මික දෝෂයක් හෝ රියදුරුට රිය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පැවසෙයි.

මාර්ගය පවතින අබලන් තත්ත්වය ද අනතුරට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.