හරිත ආර්ථිකයක් ගැන ඉන්දියාව සහ සිංගප්පූරුව අතර සාකච්ඡා
සයුරෙන් එතෙර

හරිත ආර්ථිකයක් ගැන ඉන්දියාව සහ සිංගප්පූරුව අතර සාකච්ඡා

March 26, 2024   03:10 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සිදුවී තිබේ.

ඒ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරයට සමගාමීවය.

එහිදී ඩිජිටල්කරණය, හරිත ආර්ථිකය, නිපුණතා සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සිය සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිලිපීනයේ සහ මැලේසියාවේ සංචාරය කිරීමට ද නියමිතය.