මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවු අනතුරකින් සිව්දෙනෙක් මරුට
සයුරෙන් එතෙර

මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවු අනතුරකින් සිව්දෙනෙක් මරුට

March 25, 2024   10:46 am

හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ තවත් 8 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හංගේරියාවේ පැවති මෝටර් රථ තරගාවලියක් අතරතුර ධාවන පථයෙන් ඉවතට විසිවී ගොස් නරඹන්නන් සිටින ස්ථානයක ගැටී අනතුරක් සිදුව ඇත.

තරගය පවත්වා තිබුණේ උතුරු හංගේරියාවේදී ය.

කෙසේ වෙතත් අනතුර සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ කර නැත.

තුවාල ලැබූවන් ඉවතට ගෙන යාමට ගිලන් රථ මෙන්ම හෙලිකොප්ටර් යානා ද යොදවා තිබුණි.

එමෙන්ම තරගාවලිය අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගෙන ඇති බව වාර්තා විය‍.