ස්පාඤ්ඤ පාපැදි සවාරියේ ජය ස්ව්ට්සලන්තයට

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ ජය ස්ව්ට්සලන්තයට

September 11, 2019   10:07 am

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ 16 වන අදියර ඊයේ (10) නිමාවට පත් විය.

එම අදියරේ ජය හිමි කර ගත්තේ ස්ව්ට්සලන්තයේ ජකොබ් ෆූග්සාන්.

අදියර 21කින් සමන්විත ස්පාඤ්ඤ පාපැදි සවාරියේ 16වන අදියර කිලෝමීටර144 යි දශම 4ක දුරකින් සමන්විත වු අතර මෙම අදියර කඳු ආශ්‍රීතව පැවත් විය.

එම දුර ප්‍රමාණය පැය 4යි මිනිත්තුවයි 2තත්පර 22කින් නිම කළ ස්ව්ට්සලන්තයේ ජකොබ් ෆූග්සාන් පළමු ස්ථානය දිනා ගත්තේය.

දෙවන ස්ථානය දිනාගත්තේ එංගලන්තයේ ටාවෝ ගේගන් විසින්.

ස්පාඤ්ඤයේ ලුවිස් ලියෝන් තරගයේ තුන්වන ස්ථානය දිනාගත්තේය.

අදියර 16ක් අවසන් වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමිකර ගෙන සිටින්නේ ස්ලෝවැකියාවේ ප්‍රිමෝස් රොජ්ලික්.

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ  17 වන අදියර හෙට (12) ක්‍රියාත්මක වන අතර අද දිනය විවේකි දිනයක් ලෙස නම් කර තිබේ.