ඉන්දීය පුහුණුකරු ධුරයට අවසන් 6දෙනා තෝරා අවසන්

ඉන්දීය පුහුණුකරු ධුරයට අවසන් 6දෙනා තෝරා අවසන්

August 13, 2019   12:14 pm

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට තෝරාගත් අවසන් හය දෙනා අතරට ඉන්දිය කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රි ද  සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

ඉන්දීය පුහුණුකරුවන් දෙදෙනෙකු වන ලාල්චන්ද් රාජ්පුත් හා රොබින් සින් මෙන්ම නවසීලන්ත හිටපු පුහුණුකරු මයික් හෙසන්ස්, ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු ටොම් මූඩි සහ ඇෆ්ගනිස්ථාන හිටපු පුහුණුකරු පිල් ජෝන්ස් මෙලෙස අවසන් හයදෙනා අතරට සුදුසුකම් ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් සලකා බැලීම කපිල් දේව්ගේ සභාපතීත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටුව විසින් සිදුකල අතර අවසන් හයදෙනා අතරට තෝරාපත් කරගත් මොවුන් ඉදිරි දිනකදී ඔවුන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන රවී ශාස්ත්‍රිගේ ධුර කාලය පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසන් වුවද ඔහුට මේ වන විට දින 45 ක සේවා දිගුවක් ලබා දී තිබේ.