අමෙරිකානු ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් 08ක් ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

අමෙරිකානු ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් 08ක් ජීවිතක්ෂයට

May 18, 2019   10:57 am

ඇෆ්ගනිස්ථානයේ දකුණු හෙල්මෑන්ඩ් පළාතට එල්ල වූ අමෙරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ආරක්ෂක අංශ සහ තලෙයිබාන් සටහන්කාමීන් අතර පැවැති ගැටුමක් අතරතුර අදාල ගුවන් ප්‍රහාරය එල්ල වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ගුවන් ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇත.

ආරක්ෂක අංශ සහ තලෙයිබාන් සටහන්කාමීන් අතර පැවැති ගැටුමක් අතරතුර ඇෆ්ගන් ආරක්ෂක අංශ විසින් අමෙරිකානු ගුවන් හමුදා සහය ඉල්ලා ඇති බව සඳහන්ය.

එම අවස්ථාවේදී අදාල පොලිස්  නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.