සුපර්නෝවාස් කාන්තාවන්ට ජයක්

සුපර්නෝවාස් කාන්තාවන්ට ජයක්

May 10, 2019   11:46 am

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා 20යි 20 තරගාවලියේ ඊයේ (9) පැවති තරගයෙන් ජය ගැනීමට හර්මන්ප්‍රීත් කෝර් නායකත්වය දරන සුපර්නෝවාස් කණ්ඩායම සමත් වුණි.

ඒ මිතාලි රාජ් නායක දරන වෙලෝසිටි කණ්ඩායම පරාජයට පත්කරමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සුපර්නෝවාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 142ක් රැස් කළේය.

එහිදී චමරි අතපත්තු පන්දු 38කදී හතරේ පහර 5ක් සමඟින් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 31කි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ජිම්මා රොඩ්‍රිගස් පන්දු 48කදී හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 77ක් රැස් කළේය.

පන්දු යැවීමේදී අමේලියා කේර් ලකුණු 21කට කඩුළු 2ක් දවා ගත්තේය.

ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය වෙලෝසිටි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 130ක් පමණකි.

වෙලෝසිටි කණ්ඩායම වෙනුවෙන් ඩැනියල් වේට් පන්දු 33කදී ලකුණු 44ක් රැස් කළේය.

මිතාලි රාජ් නොදැවී ලකුණු 40යි.

එම ජයත් සමඟ සුපර්නෝවාස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.