තිසරගේ උත්සහය යළි අපතේ-තෙවන එක්දින තරඟයේ ජයත් නවසීලන්තයට

තිසරගේ උත්සහය යළි අපතේ-තෙවන එක්දින තරඟයේ ජයත් නවසීලන්තයට

January 8, 2019   11:21 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තෙවන එක්දින තරගාවලියද ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(08) සමත් විය.

ඒ දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 115 කින් ජය ගැනීමත් සමඟයි.

අද පැවති තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04 ක් බිද වැටී ලකුණු 364 ක් ලබා ගත්තේය.

එහිදී නවසීලන්ත ඉනිම වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 137 ක් ලබා ගැනීමට සමත් විය.