Back to Top

දුප්පත්කමින් මිදෙන්න වකුගඩු විකුණු මිනිස්සුන්ගේ කතාව

December 6, 2016  



මිනිස් අවයව විකිණීමේ මහා පරිමාණ ජාවාරම් සිදුවන බව මිට වසර කීපයකට පෙර සිටම වාර්තා විය.මේ තත්ත්වය වැඩි වශයෙන් කන්ද උඩරට වතු ආශ්‍රිතව දිළිඳු පවුල් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක විය. දේශීය මෙන්ම විදේශීය රටවලටද  වකුගඩු විකිණීම සිදුවිය.

මාතලේ දිස්ත්‍රීක්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොටසේ වතු පවුල්වල විශාල පිරිසක් මේ ආකාරයට සිය වකුගඩුව අලෙවි කර තිබුණි. ඉතා පහල ආර්ථික මට්ටම්වල ජීවත්වන පවුල්වල පිරිමින් ආර්ථික ප්‍රශ්නවලින් මිදෙන්නට තැරව්කරුවන්ට රැවටී රුපියල් ලක්ෂ පහක මුදලකට සිය වකුගඩුව විකුණා ඇත. එහෙත් බොහෝ දෙනෙකුට ඉන් අතට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ තුනකටද වඩා අඩු මුදලක් බවත් ඉතිරි මුදල් අතරමැදි තැරව්කරුවන් ලබාගෙන ඇති බව වකුගඩු විකුණු ජනතාව හා ඒ පවුල්වල ජනතාව කියති.

මේ වනවිට ලබාදුන් මුදලත් නොමැතිව වැඩක් ඵලක් කරන්නට නොහැකිව උකුවෙල පවුල් රැසක් අසරණ වී ඇති බවට ලැබුණු තොරතුරත් සමග අප එම පවුල් සොයා ගවේෂණයක නිරතවිමු.මෙහිදී අපට හමුවූ බොහෝ දෙනෙකු කීවේ ණය ගෙවා ගැනීමට, නිවසක් සදා ගැනීමට, දරුවන්ට ඉගැන්වීමට, මුදල් සොයා ගැනීමේ අරමුණ ඇතිව තැරව්කරුවන්ගේ වහසි බසට රැවටී සිය වකුගඩුව අලෙවි කළ බවය. අවසානයේ තමන් රෝගීන් බවට පත්වී මුදලත් අහිමිවී වකුගඩුවත්, නිවසත් අහිමිවී සිටිය තත්ත්වයෙන්ද පහලට වැටී අසරණ තත්ත්වයට පත්ව සිටින බවය.

ඔවුන්ගේ බිරින්දෑවරුන් හඬා වැටෙමින් කියා සිටියේ තම සැමියන් රෝගීන් වීම නිසා පවුල් පසුබිම් දෙදරා දරුවන් අසරණ වී සිටින බවයි. මෙසේ තැරව්කරුවන් තවමත් මෙවැනි අහිංසක ජනතාව රවටමින් වකුගඩු විකිණීම සිදු කරමින් සිටියි. එසේම වකුගඩුව මිලදී ගන්නා පුද්ගලයෝ ද තමන් දෙස නොබලන බවද කිවේය.

සටහන හා ඡායා රූ - කාංචන කුමාර ආරියදාස




MOST VIEWED VIDEO STORIES

MORE >>