Back to Top

පිහිටක් විය හැකි නම් දිරිය දියණියකි ඇය!

July 18, 2014  


 

ගලේවෙල, දබේවටන 2,  ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ශෂිකලා නුවංගි මදුමාලි දැරිය ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස උසස්පෙළ විභාගය සඳහා කුරුණෑගල, ඉබ්බාගමුව පාසලේ ඉගෙනුම ලබන දැරියකි.

 

සිය පියා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් එසේ තිබියදී ඔහු මාළු විකුණා තමන් සහ නැගණියන් දෙන්නාත් මවත් ජිවත් කරවන බවත් ඇය කියන්නීය.

 

මේ නිසා තමන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට සිය මවගේ හා නැගණියන්ගේ රන් භාණ්ඩ උකස් කොට අප්පච්චි සහ තවත් කතා නමින් පොතක් මුද්‍රණය කොට මුදල් සොයාගන්නා බව ඇය කියන්නීය.

 

අප එම දියණියගේ නිවසට යනවිටත් පියා මාළු වෙළඳාමේ ගොස් සිටියේය.මව හා පාසල් යන තවත් කුඩා දියණියන් දෙදෙනා සිය අක්කාට තුරුළු වී සිටියේ ඔවුන්ද අඩුපාඩු සියල්ල සඟවාගෙනය .

 

 

උසස් පෙළ ජීව විද්‍යා හදාරන දියණියට කගේ හෝ උපකාරයක් අවශ්‍යව ඇත .

 
ගලේවෙල මහජන බැංකුව

ගිණුම් අංකය -115....2..001...6..0001547

දුරකථනය  0665619536

 

ඡායා රූ හා සටහන - කාංචන කුමාර ආරියදාස

 

MOST VIEWED VIDEO STORIES

MORE >>